Blog

Wood Apple / දිවුල්

Ceylon Agri

දිවුල් කියන්නේ හොඳ පලතුරක්

ඒවගේම දිවුල් කොල කැද ඉතාම රසවත් ගුණයෙන් පිරිපුන් ආහාරයක්.

ඒ වගේම උණුසුම් කාලයට පරිසරය ශීත කරන වෘක්ෂයක් .

ඔබේ ගෙවත්තට දිවුල් ගහක් තිබීම හොඳයි නේද ?

විටමින්,කැල්සියම්,පොස්පරස්,තන්තු,ප්‍රෝටීන හා යකඩ වැනි පෝෂය පදාර්ථවලින් අනූනය.

දිවුල් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතගැටලු සමනය වේ.
  • එහි ඇති ගුණ මලබද්ධය දුරු කිරීමට සමත් වන අතර බඩෙහි ඇතිවන රිදීම්,අපහසුතා දුරු කරයි.
  • ලේ පිරිසිදු කරයි.
  • ප්‍රෝටීනවලින් සමන්විත , මාංශපේශිවල ශක්තිමත් බව 

              වැඩි කරයි.

  • උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන රෝගවලටත් දිවුල් පත්‍ර යුෂ ගුණදායකයි.
  • බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට,
  • අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්.
  • ඉදුනු දිවුල් වල ස්ත්‍රී පුර්ෂ දෙපාර්ෂවයටම දාතු ශක්තිය මෙන්ම වඳ භාවය දුරැ කිරීමටත් ගුනවත් පලතුරක්.
  • උෂ්ණාධික කාන්තාවන්ගේ සිරැරේ උෂ්ණත්වය සමනය කිරීමටත් බලවත්ව උපකාරී වෙනවා.හොඳින් ඉදුන දිවුල් මදය දිනපතා ආහාරයට බීමක් ලෙස හෝ එක් කර ගැනීම වටිනවා දිවුල් කොල කැද විෂ නසනවා වගේම ඇගේ උෂ්ණ රෝග  සමනය කරනවා.
  • ස්නායු  අමාරු සහ ආතරයිටිස් රෝගය, දනහිස් අමාරු තියෙන අයට හොඳ බෙහෙතක්.\
  • බීටා කැරොටීන්, තයමින් මෙන්ම, රයිබොෆ්ලෙවින් ද අඩංගු දිවුල්, සර්ප දෂ්ඨනය සඳහා ප්‍රතිකාරයකි. 
  • දීර්ඝ කාලීනව පවතින සෙම්ප්‍රතිශ්‍යාව, ඒ ආශ්‍රිත වෙනත් රෝග, උගුරේ වේදනාව මෙන්ම කැස්ස සඳහා ද දිවුල් කොළ භාවිත කරයි.
  • දිවුල් ආහාරයට ගැනීමෙන්, පිළිකා අති වීමෙ අවදානම අවම වේ. එහෙත් දිවුල් වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඇතැම් විටෙක ආහාර ජීර්ණය සඳහා අහිතකර ලෙස බලපෑ හැකිය. එසේම තයිරොයිඩ් ගැටලු ඇති පුද්ගලයන් සඳහා දිවුල් සුදුසු නැත.
  • කුඩා දරුවන්ට නිතරම වැලඬෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.

 

Leave a Reply