YouTube

දේශීය වෙරළු

Ceylon Agri

රස ගුණ පිරි වෙරළු…

කුඩා පළතුරක් වුවත් ඉතාම ගුනදායී වන අතර සාමාන්‍යයෙන් වෙරළු ශාකයක් වසරකට දෙවරක් ඵල දරණ නමුත් සමහර ශාකවල වසර පුරාම ඵල හට ගෙන තිබෙනු දක්නට ලැබේ. අතීතයේ සිටම ගර්භනී මවුවරුන් වෙත වෙරළු ලබාදීම ශ්‍රී ලංකික සමාජයේ දක්නට ලැබුණා. විටමින් C  , ඛනිජ ලවණ  මෙන්ම මෙහි ඇති ෆයිබර් ගුණාංග නිසා ලොකු කුඩා සැමටම කිසිදු සැකයකින් තොරව අහාරයට ගත හැකියි.

අපි හරිම කැමතියි වෙරළු කන්න ඉතිං ගම්වල මේ වෙරළු කාණ්ඩ කිහිපයකට ගම්මු වෙන්කරගෙන තිබෙනවා – මස් වෙරළු, ඇට වෙරළු, පොල් වෙරළු, තිත්ත වෙරළු යනුවෙන්  මස් වෙරළු යන වෙරළු කාණ්ඩය සාමාන්‍යයන්  ටිකක් විශාල අතර අමු වෙරළු කන විටදී හරි පහසුවෙන් වෙරළු ඇටයෙන් මාංශල කොටස වෙන් වෙනවා, ඇට වෙරළු ඉතා කුඩා ගෙඩි වන අතර මාංශල ගතියත් අඩුයි, පොල් වෙරළු යන කාණ්ඩය ප්‍රමාණයෙන් විශාල වන අතර මාංශල ගතියත් වැඩියි, තිත්ත වෙරළු ගසේ ගෙඩි අමුවෙන් හෝ ඉදවා කෑමට අපහසු තරමට තිත්ත ස්වභාවයකින් යුක්තයි කෙසේ වෙතත් මේ සියලු වෙරළු වල ගුණාත්මක භාවයෙහි වෙනසක්නම් නැහැ. මීට අමතරව ගල් වෙරළු යනුවෙන් වෙනත් ඖෂධීය ශාකයක් තිබෙන නමුත් ඒවා ආහාරයට ගන්නේ නැහැ.

 

වෙරළු ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන

 

  • ගැහැණු පිරිමි හෝ වයස සීමාවක් නැතිව කොයි කවුරුත් වද විඳින ඉස්හොරි වසංගතයට වෙරළු කොළ ඉස්ම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්. ගොඩපර ගෙඩි දෙහි සහ උළුහාල් සමඟ තම්බා සාරය හිස්කබලේ ඇතිල්ලීම, පේර කොළ යුෂ ප්‍රතිකාරය  අතර වෙරළු කොළ යුෂ වලිනුත් අපූරුවට මේ රෝගය සුව වුනා.
  • දොළ දුක් අම්මලාට බය සැක නැතිව කන්නට ඉඩ හරින ඇඹුල්  වර්ග අතර ලොකු ගෞරවයක් වෙරළු ගෙඩියට ලැබුනේ ඒ කාලයට කන ලොවි, අඹ ගැට වැනි වෙනත් ඇඹුල් වල ඇති අධික ආම්ලික ගතිය, ආහාර උඩට එන ගතිය  වෙනුවට ඇඹුල් වූවත් වෙරළු ගෙඩියේ ඇති අඩු ආම්ලිකතාවය නිසායි.  
  • වසංගතයක් ලෙස කුඩා දරුවන් අතර පැතිර යන ළමා දියවැඩියාව අපේ කාලේ නම් අහන්න වත් නොතිබුනේ එදා දරුවන්ට ඕනෑ පදමට කන්නට තිබු ගඩා ගෙඩි නිසා වන්නට පුළුවන්. ගොඩේ  පලතුරු ලෙස කියවෙන බොහෝ පලතුරු අතරේ දියවඩියා රෝගය වැලක්වීමේ හැකියාව අතර  වෙරළු ගෙඩිය සිටින්නේත් ඉදිරියෙන්. 
  • විටමින් සි, ලවන වර්ග ,යකඩ සහ තන්තු අධික වෙරළු ගෙඩිය ශරීරයට ප්‍රතිශක්තිය එකතු කිරීමටත්, මල බද්ධය වැලක්විමටත් හේතු වෙනවා.
  • සිංහල වෙදකමේදී වෙරළු කොළ, ඇට, පොතු සහ මුල් විවිධ රෝගාබාධ සුව කිරීමට යොදාගෙන ඇති නමුත් ඉන් මූලිකම තැනට පැමිණෙන්නේ සන්ධි ආබාධයි. 
  • සමේ රෝග, දිලිර ආසාධන, හිස් කබලේ ආසාධන, උකුණන් වඳ කිරීම, වේදනා නාශක, ප්‍රති සජලන ඖෂධ නිපදවීමට, අතීසාරය වැනි රෝග මෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත් හිසකුඩිච්චි වලටත් වෙරළු ගහේ පස් පංගුව යොදා ගනී.